2012/11/27
මෙය මාගේ පළමු ලිපිය වේ ....
ඔබ අප ජීවත් වන මේ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ආණ්ඩු ක්‍රමය වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි ...අප මේ වන විට අනුගත වී ඇත්තේ මේ ආණ්ඩක්‍රමයට නිසා ඒ පිලිබඳ මූලික අවදානයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි ... හරි අපි බලමු මේ ව්‍යවස්ථාව හැදුනේ කොහොමද කියල ...
* ඉහත ඡායාරූපයේ දැක්වෙනුයේ මෙහි නිර්මාතෘ -ජේ.ආර් ජයවර්ධන මහතාය .
************************************************************************************************************************
1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයේ පටන් ජේ.ආර් ජයවර්ධන මහතා එයට විරෝධය මතු කළේය ..පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නොසිටින පුර්ණ බලතල වලින් යුතු ජනාධිපති විධායකයක් සහිත ආණ්ඩුක්‍රමයක් බිහිකර ගැනීමට ඔහු තුළ දැඩි ආශාවක් විය .1966 විද්‍යාභිවර්ධන සංගමයේ 22 වැනි සම්මේලනයේදී කරනු ලැබූ දේශනයෙන් ඔහු මේ පිලිබඳ අදහස් අවධාරණය කළේය .තමන් බලයට පත් වූ විගස පවතින රටාව වෙනස් කරන බවට තරයේ ප්‍රකාශ කළේය .1977 මැතිවරණයේදී එ.ජා.ප ය ද 1972 ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ජනවරමක් ඉල්ලා තිබුණි .මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් අත් පත් වූ අතර මේ සමග 1972 ව්‍යවස්ථාව වෙනස් කිරීමට විධිවිධාන යොදනු ලැබීය .ඒ අනුව 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමට හේතු සාධක පහත සඳහන් වේ .
(1) . 1978 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 5/6 ක බහුතරයක් ලබා ගැනිම .
(2) . එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ඉසිලීම .
ඔහු 1960 දශකයේ සිටම විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ගැන අදහස් දැක්වීම .
(3). පැවති ව්‍යයස්තාවේ දුර්වලතා
*එනම් 72 ව්‍යවස්ථාවට අනුව වසර 5ක කාලය තුළ වසරක් මැතිවරණ ජයග්‍රහණය භුක්ති විදීමටත්,
වසරක් ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වීම සඳහා යෙදවීමට සිදු වන නිසා සංවර්ධනය සඳහා කාලය
අල්ප විය .
(4). කඩිනම් සංවර්ධනය සඳහා බලය මධ්‍යගත කිරීමට තිබු අවශ්‍යතාව .
1972-අංක 1 දරන පනත සහ 1975 අංක 35 දරන ඉඩම ප්‍රතිසංස්කරණ පනත කඩිනම් සංවර්ධනය
සම්බන්ද තීරණ ගැනිමට බාධාකාරී විය .
****මතු සම්බන්ධයි*****
![](https://lh4.googleusercontent.com/-xmUzo7Vs-Ow/T_BuvcyS3wI/AAAAAAAAB0c/34pOksKo3U0/s80/avatar.gif)
About the author
admin had written 8 articles for Inspiration BlogDonec accumsan malesuada orcidonec sitmet eros lorem isum dolor amet incon. Adipiscing elit maurise pharetra magna accumsan. Malesuada orcdonec umet lorem doloronsec malesuada.
Subscribe to:
Post Comments (Atom)
මේ මගේ පලවෙනි post එක යාලුවනේ...මොකද හිතන්නේ
ReplyDeleteඇත්තටම ඔබ දක්වලා තියෙන්නේ කාරණා 1978 ව්‍යවස්ථාවට බලපෑවේ බොහොම සුළු වශයෙන්.
ReplyDeleteඇයි එහෙම කියන්නේ
Delete