2012/12/06

ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය

0 comments
 ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය

ඔයාල හැමෝම දන්නා දෙයක් තමයි උසස් පෙළ දේ.වී විෂය නිර්දේශයට අලුතින්ම එකතු වුන රට ස්විට්සර්ලන්තය කියල .ඉතින් මම හිතුව ඔයාලට පොඩි සප් එකක් දෙන්න. ඔන්න යාලුවනේ අපි ඉගෙන ගන්න හදන්නේ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය ගැන  .මේ ආණ්ඩු ක්‍රමය ටිකක් අමුතුම ආණ්ඩු ක්‍රමයක් කිව්වොත් හරි .මොනවා වුනත් අපි මේවා දැනගෙන ඉන්න එක නුවනට හුරුයි නේද ?..

 හැඳින්වීම  



1.ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය මත පදනම් වූ ආණ්ඩු ක්‍රමයක් වීම .
   ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් අතුරින් වැඩිම ප්‍රජාතන්ත්‍ර වාදී රාජ්‍ය ලෙස සලකන්නේ ස්විට්සර්ලන්තයයි .විශේෂයෙන් එරට ප්‍රාරම්භනය   ක්‍රියාත්මක වීම නිසා ජනතා බලය විශාල ලෙස ඉස්මතු වී තිබේ .

2.සාමුහික විධායකයක් පැවතීම .
   ස්විට්සර්ලන්තයේ විධායකය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී රාජ්‍ය වල දකින්නට නොලැබෙන ආකාරයේ විධායකයකි .එය විධායක මණ්ඩලයක් සහිත සුවිශේෂී ක්‍රමයකි .

3.සන්ධීය ආණ්ඩු ක්‍රමයක් වීම .
එරට ප්‍රාන්ත "කැන්ටන් "ලෙස හඳුන්වන අතර ,ප්‍රාන්ත 26 කින් සමන්විත සන්ධීය රාජයකි .අර්ධ කැන්ටන් 6 ක් ද ක්‍රියාත්මක වේ .

4.අනම්‍ය ආණ්ඩු ක්‍රමයක් වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සංශෝධනය කල හැකිය .එය කල හැකි ආකාර 2කි .
(1).සංධීය  සභාව එනම් ,ව්‍යවස්ථාදායකය විසින් කරන යෝජනාවක් අනුව .
(2).ඡන්ද  දාකයකයන් 100000 ක් විසින් සම්මත කරන ප්රාරම්භන යෝජනාවක් අනුව සන්ධීය සභාව අනුමත කිරීමෙන් පසුව ජනතාව විසින් ජනමත විචාරනයකින් අනතුරුව ප්‍රාන්තයන් විසින්ද අනුමත කල යුතු වේ .

5.ලිඛිත ආණ්ඩු ක්‍රමයක් වීම .
වර්තමාන ස්විස් ව්‍යවස්ථාවේ ආරම්භය 1848 දී පනවන ලද ව්‍යවස්ථාවයි .1874 දී යලි සංශෝදනය කරන ලදී 1998.12.18 දින නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලදී .1999.04 .18 දින ජනමත විචාරනයකදී අනුමත කරන ලදී .මේ ව්‍යවස්ථාව 2000 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලදී .2000 ව්‍යවස්ථාව පරිච්ඡේද 6කින් සහ වගන්ති 197කින් සමන්විත  වේ .
                                         
                                            ***********මතුසම්බන්ධයි *************


Post a Comment

2012/11/29

1978 විධායකය - ජනාධිපතිවරයා

0 comments
                                                                     විධායකය
 

(1) . ජනාධිපතිවරයා .


*ජනාධිපතිවරයා තෝරා ගන්නා ආකාරය*

1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තෝරා ගන්නේ ජනාධිපතිවරණයක් මගිනි . මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණයකදී ජනතාව විසින් තම මනාපයෙන්  ජනාධිපතිවරයා තෝරා පත් කර ගනී.(94 වගන්තිය )

ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීමට යම් අපේක්ෂකයෙක් සම්පුර්ණ කලයුතු සුදුසුකම් මොනවාද ?


(01) . වයස අවු :30 සම්පුර්ණ කල අයෙකු වීම .
(02) . දෙවරක් ජනාධිපති වූ අයෙකු නොවීම
           (මෙය 18 වන සංශෝධනය මගින් ඉවත් කරන ලදී )
(03) . දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවීම .
(04) . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට සුදුසු        
           පුද්ගලයෙකු වීම.

ඉහත සදුසුකම් සම්පුර්ණ කළ පුද්ගලයෙකුගේ නමක් යෝජනා කළ හැකි ක්‍රම 2කි .
(1) . පිළිගත් දේ .පක්ෂයකින්
(2) .  ස්වාධීනව ,
ස්වාධීනව ඉදිරිපත්වන්නේ නම් එම පුද්ගලයා සම්පුර්ණ කළ යුතු තවත් සුදුසුකමක් වේ .
එනම් ඔහු ,

* පාර්ලිමේන්තුවේ සිටි  හෝ සිටින මන්ත්‍රී වරයෙක් විය යුතුය . 
ජනාධිපති ලෙස තේරීපත් වන පුද්ගලයා දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50 % ක් ලබා ගත යුතුය. සාමාන්‍යයෙන් අපේක්ෂකයන් 2ක් පමණක් ඉදිරිපත්ව ඇති විට වැඩිම ඡන්ද ලැබූ පුද්ගලයා ජනාධිපති ලෙස තෝරාගැනීම සරලව සිදුවේ .නමුත් 2ට වැඩි නම් මැතිවරණය තරමක් සංකීර්ණ වේ .එවිට ජනාධිපති  ලෙස පත්වීමට, ඔවුන් ලබා ඇති වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50 % කට නොඅඩු ඡන්ද ලබා ගැනීමේ අවශ්‍යතාව සහතික  කර ගැනීම සඳහා එක්තරා මනාප ක්‍රමයක් අනුගමනය කරයි .එනම් අපේක්ෂකයන් තිදෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වී ඇති විටක ඡන්දදායකයින්ට පළමුවන හා  දෙවන මානාපයද අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති විටක ඡන්දදායකයින්ට  පළමු,දෙවන හා  තෙවන මනාපයද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ .   

ජනාධිපතිවරණයට කිහිප දෙනෙක් තරඟ කරන විට ප්‍රථමයෙන් පළමු මනාප ගණන් කරන අතර එහිදී යම් අයෙක් 50% සම්පුර්ණ කරයි නම ඔහු ජනාධිපති ලෙස තෝරාපත්කර ගත්තා යැයි ප්‍රකාශයට පත් කරයි.
නමුත් එකදු අයෙක්වත් 50% ලබා නොගත් විට 50% සම්පුර්ණ කර ගැනීම සඳහා 2 වන මනාප ගණනය  කිරීම සිදුවේ .
මෙහිදී ,
(1) . වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයන් දෙදෙනා ඉතුරු  කර අනෙක් අය තරඟයෙන් ඉවත්  කරයි .
(2) . තරඟයෙන් ඉවත්  කළ අයගේ ඡන්ද පත්‍රිකා වල දෙවන මනාප තරඟ කරන අයට වේ නම් ඒවා ඔවුනට ලබා දුන් ඡන්ද සේ සලකයි .එවිට යම්  අයෙක් 50%ක් සම්පුර්ණ කරයි නම් ඔහුව තෝරාගත් ජානාධිපති ලෙස ප්‍රකාශයට පත් කරයි .
 

2 වන මනාප ගණන් කිරීමෙන් පසුවද එකම අපේක්ෂකයෙකුට වත් 50% නොලැබුණි නම් , 3 වන මනාප ගණන් කිරීමට සිදුවේ .මෙහිදී තරඟයෙන් ඉවත්  කළ අයගේ ඡන්ද පත්‍රිකා වල 3 වන මනාප තරඟ කරන අයට ඇත් දැයි සලකා බලයි .අනතුරුව වැඩිම ඡන්ද ලබා ගත්  පුද්ගලයා ජනාධිපති ලෙස තෝරා පත් කරගත්තා යැයි ප්‍රකාශයට පත් කරයි .අපේක්ෂකයන් 2ක් සමානව ඡන්ද ලබාගත් අවස්ථාවක, කුසපත් ඇදීම මගින් තෝරා ගන්න අපේක්ෂකයාට එක් ඡන්දයක් එකතු කර ඔහුව තොර ගත් පත් කර ගත් ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කරයි .
 

ශ්‍රී ලංකාවේ දැනට පැවති සියලු ජනාධිපතිවරණ, පළමු වර මනාප ගණනනය කිරීමේදීම ජනාධිපතිවරයා තෝරා පත්  කර ගත්තා යැයි ප්‍රකාශයට පත් කරනු ලැබීය .


                                             ********මතුසම්බන්ධයි **********


Post a Comment

2012/11/28

1978 ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ

1 comments
(1) . ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වීම .
(2) . මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වීම (කැබිනට් + ජනාධිපති ලක්ෂණ ).
(3) . ඒකීය ආණ්ඩුක්‍රමයක් වීම .
(4) . ලිඛිත ආණ්ඩුක්‍රමයක් වීම .
(5) . අනම්‍ය ආණ්ඩුක්‍රමයක් වීම 


 ත්‍රිවිධ බල ආයතන 



(1) . ව්‍යවස්ථාදායකය   :-    පාර්ලිමේන්තුව
(2) . විධායකය             :-    කොටස් 2කි                                        

                                          (1).ජනාධිපති
                                          (2).අගමැති හා අමාත්‍ය මණ්ඩලය
(3) . අධිකරණය          :-    ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණ ආයතන 


   පාර්ලිමේන්තුව 


* හැඳින්වීම  

1978 ව්‍යවස්ථාව යටතේ පිහිටවූ ව්‍යවස්ථාදායක ආයතනය පාර්ලිමේන්තුව විය .
මෙහි සම්පුර්ණ සාමාජික සංඛ්‍යාව 225ක් වන අතර , එය ව්‍යවස්ථාවේ සඳහන් නිශ්චිත සංඛ්‍යාවක් වේ. මෙයින් 196ක් මැතිවරණ කොට්ඨාශ පදනම් කරගෙන ජනතාව විසින් තෝරා පත්  කරන අතර ,
29ක් ජාතික ලැයිස්තුවෙන් පත්වේ .මේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6කි .

* කාර්ය  හා බලතල 

1978 පාර්ලිමේන්තුව සතු කාර්ය බලතල සැලකිල්ලට ගත් විට 


(1) .නීති සම්පාදනය       
          එනම් මුදල් නීති හා සාමාන්‍ය නීති යනුවෙනි .
(2) .විධායකය වන කැබිනට් මණ්ඩලයේ ,අගමැති හා 

      අමාත්‍ය මණ්ඩලය   පාලනය කිරීම . 
          (විධායකයට ජනාධිපතිද අයත් වුවද පාර්ලිමේන්තුවට වගකීම අනවශ්‍ය
          බව පෙනේ ,එනම් ව්‍යවස්ථාවේ 42 වන වගන්තියේ ජනාධිපති
          පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දක්වා තිබුනද ,පාර්ලිමේන්තුව තුළ සම්මත
          කරන සාමාන්‍ය විශ්වාසභංග යෝජනාවක් මගින් ජනාධිපති ඉවත්කළ
          නොහැක .නමුත් අගමැති  හා අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැක .මේ අනුව
          අගමැති හා අමාත්‍ය මණ්ඩලය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට හැකිය .

(3) . මුදල් පාලනය කිරීම .
           ආණ්ඩුවේ කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ව්‍යවස්ථාදායකයේ අනුමැතියට
           ලක්විය යුතුය . ඒ අනුව අනුමැතිය දීම හා නොදීම මගින් මුදල් පාලනයට
           පාර්ලිමේන්තුවට හැකිය .


                                                   ****මතුසම්බන්ධයි ****


1 comment

Post a Comment

2012/11/27

1978 ආණ්ඩුක්‍රමය බිහිවීමට පසුබිම් වූ කරුණු

3 comments

මෙය මාගේ පළමු ලිපිය වේ ....


ඔබ අප ජීවත් වන මේ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ආණ්ඩු ක්‍රමය වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි ...අප මේ වන විට අනුගත වී ඇත්තේ මේ ආණ්ඩක්‍රමයට නිසා ඒ පිලිබඳ මූලික අවදානයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි ... හරි අපි බලමු මේ ව්‍යවස්ථාව හැදුනේ කොහොමද කියල ...
* ඉහත ඡායාරූපයේ දැක්වෙනුයේ මෙහි  නිර්මාතෘ -ජේ.ආර්  ජයවර්ධන මහතාය .
************************************************************************************************************************
 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයේ පටන් ජේ.ආර්  ජයවර්ධන මහතා එයට විරෝධය මතු කළේය ..පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නොසිටින පුර්ණ බලතල වලින් යුතු ජනාධිපති විධායකයක් සහිත ආණ්ඩුක්‍රමයක් බිහිකර ගැනීමට ඔහු තුළ දැඩි ආශාවක් විය .1966 විද්‍යාභිවර්ධන සංගමයේ 22 වැනි සම්මේලනයේදී කරනු ලැබූ දේශනයෙන් ඔහු මේ පිලිබඳ අදහස් අවධාරණය කළේය .තමන් බලයට පත් වූ විගස පවතින රටාව වෙනස් කරන බවට තරයේ ප්‍රකාශ කළේය .1977 මැතිවරණයේදී එ.ජා.ප ය ද 1972 ව්‍යවස්ථාව  වෙනස් කිරීම සඳහා ජනවරමක් ඉල්ලා තිබුණි .මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් අත් පත් වූ අතර මේ සමග 1972 ව්‍යවස්ථාව වෙනස් කිරීමට විධිවිධාන යොදනු ලැබීය .ඒ අනුව 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමට හේතු සාධක පහත සඳහන් වේ . 

(1) . 1978 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 5/6 ක බහුතරයක් ලබා ගැනිම .

(2) . එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ජේ.ආර්  ජයවර්ධන මහතා විසින් ඉසිලීම .
        ඔහු 1960 දශකයේ සිටම විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ගැන අදහස් දැක්වීම .

(3).  පැවති ව්‍යයස්තාවේ දුර්වලතා 
      *එනම් 72 ව්‍යවස්ථාවට අනුව වසර  5ක කාලය තුළ වසරක් මැතිවරණ ජයග්‍රහණය භුක්ති විදීමටත්,
        වසරක් ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වීම සඳහා යෙදවීමට සිදු වන නිසා සංවර්ධනය සඳහා කාලය 
        අල්ප විය .

(4).   කඩිනම් සංවර්ධනය සඳහා බලය මධ්‍යගත  කිරීමට තිබු අවශ්‍යතාව .
        1972-අංක 1 දරන පනත සහ 1975 අංක 35 දරන ඉඩම ප්‍රතිසංස්කරණ පනත කඩිනම් සංවර්ධනය 
        සම්බන්ද  තීරණ ගැනිමට බාධාකාරී විය .




                                                ****මතු සම්බන්ධයි*****





3 comments

Post a Comment